3

‘සිතමු’ කෘතියේ අඩංගු වන්නේ මාගේ හෘද සාක්ෂියයි

සමාජ සාධාරණය, මානව දයාව හා සංහිඳියාව ගැන සිතන්න සැමට කළ ඇරැයුමක් – පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර්

තමන් පළ කළ ‘සිතමු’ කෘතියේ අඩංගු වන්නේ මාගේ හෘදය සාක්ෂියයි. මගේ රට ලෝකයේ කොයිවගේ තැනක සිටිය යුතුද? ලෝකය කොයි වගේ තැනක සිටිය යුතුද? කියා සෑම කෙනෙකුටම සිතන්න මා ආරාධනා කර තිබෙනවා. අපට රට ලෝකය වෙනස් කළ නොහැකි වුවත් ඒ සඳහා සිතන්න ජනතාවට ඇරැයුම් කර තිබෙනවා. මෙමගින් ජනතාවට සිතන්න ආයාචනයක් කර තිබෙන බැව් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා තමන් විසින් රචිත ‘සිතමු’ කෘතිය එළිදැක්වීම නිමිත්තෙන් කොළඹ 07, පදනම් ආයතනයේ පැවති උත්සවයේ දී එලෙස සඳහන් කළේය.

‘දිවයින’ ඉරිදා සංග්‍රහයේ පළවූ දේශපාලන, සමාජ, ආර්ථික කරුණු කාරනා ගැන සාකච්ඡාවට බඳුන් වූ ‘සිතමු’ තීරු ලිපි පෙළ එක්කොට පළ කළ ‘සිතමු’ ග්‍රන්ථය එළිදැක්වීම නිමිත්තෙන් පැවති මෙම උළෙලේ දී තවදුරටත් අදහස් දැක්වූ ඉම්තියාස් බකීර් මාකාර් මහතා මගේ හෘදය සාක්ෂිය, මගේ බුද්ධියෙන් කල්පනා කළ දෑ මෙහි අඩංගුවන බවත්, සෑම අක්ෂරයක්, ඇලපිල්ලක්, ඉස්පිල්ලකම අඩංගු වන්නේ සමාජ සාධාරණය, මානව දයාව හා සංහිඳියාව පිළිබඳ සිතන්න සැමට ඇරැයුමක් කර ඇතැයි ද හේ සඳහන් කළේය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, කතෝලික හා ඉස්ලාම් පූජකවරුන් ප්‍රමුඛ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර, රිෂාඩ් බදියුදීන්, හිටපු අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයන්, විද්වතුන්, මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. මෙම උළෙලේ දී ‘සිතමු’ කෘතිය පිළිබඳව මාධ්‍යවේදී චන්දන සූරිය බණ්ඩාර (විiුත් මාධ්‍ය), තරුණ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර (සමාජ මාධ්‍ය) සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලන සහ ජාත්‍යන්තර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අතුලසිරි සමරකෝන් (වෘත්තියවේදී) යන මහත්වරු සිය අදහස් ඉදිරිපත් කළහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බකීර් මාකාර් මහතා විසින් රචිත ‘දිවයින’ ඉරිදා සංග්‍රහයේ පළවූ දේශපාලන, සමාජ, ආර්ථික කරුණු කාරණා සාකච්ඡාවට බඳුන් කළ ‘සිතමු’ ලිපි පෙළ ග්‍රන්ථයක් ලෙස ලියා එළිදැක්වීම කොළඹ 07, පදනම් ආයතනයේ දී පසුගියදා (10 දා) සිදුවිය.

මහා සංඝරත්නය, කතෝලික සහ ඉස්ලාම් පූජකවරුන් ප්‍රමුඛ විවිධ ජාතීන්, දේශපාලනඥයන්, විද්වතුන් ඇතුළු විවිධ ක්‍ෂේත්‍රයන් නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූ අතර ඉම්තියාස් බාකීර් මාකාර් මහතා ‘සිතමු’ ග්‍රන්ථයේ පිටපත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පිළිගැන්වූ අයුරු.

ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

Tags: No tags

Add a Comment

Your email address will not be published. Required fields are marked *