Goodness for everyone

Mohammed Abdul Bakeer Markar (12 May 1917 – 10 September 1997) was an eminent Sri Lankan politician and civil servant. He was the Speaker of the Parliament of Sri Lanka and the Governor of the Southern Province. M.A Bakeer Markar caught the imagination of a nation beyond a statesman as a humanist and an ambassador of goodwill.

Imthiaz Bakeer Markar is a Sri Lankan lawyer, politician and scholar. He is a Member of Parliament from the National List of the Samagi fana Balawegaya, he was the Cabinet Minister of Media, Postal and Telecommunications from 2001 to 2004, State Minister of Housing from 1989 to 1993 and Member of the Parliament from the Kalutara District from 1989 to 2004. Imthiaz also served as the Chairman of the National Media Centre and the Vice President of the United National Party (UNP).

Adhil Bakeer Markar was born on March 11, 1990 to Imthiaz Bakeer Markar and Ummu Fareeda. He was an Attorney-at-Law and a youth leader who made a strong case for the causes of Sri Lankan youth. Adhil passed away at the age of 26 on October 12 , 2016 while he was reading for his Masters at the London School of Economics.

Goodness for everyone

The seaboard town of Beruwala, located 56 km South of Sri Lanka’s capital Colombo is home to Bakeer Markars’. Beruwala steeped in history, is a melting pot of diversity. Just as this settlement personifies a vibrant and an inclusive Sri Lanka, one of its oldest ancestries- Bakeer Markars’ have at all times been harbingers of goodwill, brotherhood, empathy and equality.

 

Those who navigate the pages of this platform are enabled not merely a window to a lineage of trailblazers, but to ethos of a culture, a progressive nation which they have strived to champion. With each imprint in history, the family of Bakeer Markar inspires all Sri Lankans to trail a trajectory of mutual understanding, reconciliation and development.

 

This platform also provides a snapshot of three generations of Bakeer Markars’ offering inspiration in abundance for generations to come. Going beyond a repository of family history, this digital archive is also a quick tool to apprehend the footprints Bakeer Markars’ have left behind. Be it a diplomat, statesman, researcher, student or any person with a zest for knowledge, this platform is essentially a slice of contemporary Sri Lankan history which calls to be perpetuated.

පෘතුගීසීන්ට එරෙහිව මෙරට ජන කොටස් එකමුතුව කල අරගලයේදී වීදියේ බණ්ඩාරගේ නායකත්වයෙන් පැළැන්පුර දායකත්වය ඉස්මතු කරන මොහොමඩ් නස්රාන්ගේ කුළුඳුල් කෘතිය එළිදැක්වීමට සහභාගී වූයෙමි. මේ කෘතිය තුළින් සුවඳවත් ලෙස වහනය වන්නේ සහෝදරත්වය, අන්‍යෝන්‍යය අවබෝධය, දේශප්‍රේමීත්වය පිරුණු අතීතය මෙන්ම විවිධත්වය තුළ එකමුතුව රජයන අනාගතවාදී දැක්මකින් යුතු මිනිස් පවුලක් පිළිබඳ සිහිනයක අධිෂ්ඨානයයි... I took part in the launch of Mohammed Nasran's first book, which brings to the fore the role played by the people of Pelanpura under the leadership of Vidiya Bandara in the united struggle of this country's communities against the Portuguese. This work gives off a sweet fragrance — the fragrance of a past rich in brotherhood, mutual understanding, and patriotism, as well as the determination of a dream of a human family with a forward-looking vision, living united in diversity. போர்த்துக்கேயருக்கு எதிராக இந்நாட்டு மக்கள் குழுக்களை ஐக்கியப்படுத்திய போராட்டத்தில் வீதிய பண்டாரவின் தலைமையில், பலன்துபுரவின் (பலாந்தை) பங்களிப்பை வெளிக்கொணரும் மொஹமட் நஸ்ரானின் கன்னி நூல் வெளியீட்டு விழாவில் கலந்து கொண்டேன். இந்தப் படைப்பினூடாக சகோதரத்துவத்தின் நறுமணமும், அந்நியோன்ய புரிதலின் நறுமணமும், நாட்டுப்பற்று மலர்ந்த கடந்த காலத்தின் நறுமணமும் போலவே, பன்முகத்தன்மைக்கு மத்தியில் ஒற்றுமை நிலவும் தொலைநோக்குப் பார்வையுடன்கூடிய ஒரு மனிதக் குடும்பத்தைப் பற்றிய கனவின் திடசங்கற்பமும் இங்கு வெளிப்பட்டு நிற்கின்றன. #ImthiazBakeerMarkar

The man who saw diversity as inheritance, unity as responsibility.... Commemorating the 29th Death Anniversary of Deshamanya Alhaj M. A. Bakeer Markar. On this solemn occasion, as we commemorate the 29th death anniversary of late Deshamanya Alhaj Mohammed Abdul Bakeer Markar, we remember not merely a distinguished Speaker of Parliament, Governor, lawyer and statesman, but a distinguished son of Sri Lanka, a statesman of exceptional character, and a devoted servant of the nation and its people. Many leaders are remembered for the positions they held and the institutions they led. But the legacy of a truly great leader is measured not by titles or office, but by the values he embodied, the lives he touched, and the example he left for those who followed. Deshamanya Bakeer Markar was one such leader. His life reflected humility, integrity, compassion and courage. Above all, he believed that the strength of Sri Lanka lay in its diversity and in the ability of its people to live together with dignity, mutual respect and a shared sense of belonging. He believed firmly in the principle of “Unity in Diversity”—that our different ethnicities, religions, languages and cultural traditions should not divide us, but enrich the common identity we share as Sri Lankans. That was not merely an ideal he articulated. It was a principle by which he lived, led and served..... . . . by H.E. Mohamed Fawzer Farook Ambassador of Sri Lanka to the State of Palestine #ImthiazBakeerMarkar #mabkeermarkar

බේරුවල පාර්ලිමේන්තු හඬ බාකීර් මාකාර්... හිටපු කථානායක වරයෙකු මෙන්ම කෘත හස්ත දේශපාලඥයකු වූ එම්. ඒ. බාකීර් මාකාර් මහතාගේ 29 වැනි ගුණ සැමරුම සැප්තැම්බර් 10 වෙනි දිනට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 1917 මැයි 12 වෙනි දින බේරුවලදී උපත ලැබූ බාකීර් මාකාර් මහතා සිය ජීවිතයෙන් සමුගත්තේ එතුමන් පිළිබඳව සමාජ මතකයන් රැසක් මිනිස් හදවතේ සනිටුහන් කරමිනි. මෙරට ජාතික සමගිය උදෙසාත් සිංහල රජ බස කරවීම සඳහාත් ඔහු කළ විශිෂ්ඨ සේවාව අපට කිසි දිනෙක අමතක කළ නොහැක. සිංහල බසට හා සිංහල ජාතියට ලැදි සිංහල බසේත්, සිංහල ජාතියේත්, සම්බුද්ධ ශාසනයේත් අභිනන්දනයට විපුල සේවාවක් කළ මොහු “සිංහල බාකීර්” යන අන්වර්ථ නාමයෙන් ද ප්‍රචලිතය. බේරුවල මරදාන ගමේ පාරම්පරික වෙද පෙළපතකට උරුමකම් කියමින් ජන්ම ලාභය ලැබූ බාකීර් මාකාර් මහතා කොළඹ සහිරා විදුහලින් ද්විතිය අධ්‍යාපනය හදාරා 1939 දී නීති ශිෂ්‍යයකු වශයෙන් නීති විද්‍යාලයට ඇතුලත් විය. 1950 වර්ෂයේදී නීති උපාධිය අවසන් කොට නීතීඥයකු වශයෙන් දිවුරුම් දුන්නේය. වෘත්තියෙන් දක්ෂ නීතීඥවරයෙකු වූ බාකීර් මාකාර් මහතා කළුතර උසාවි සංකීර්ණයේ සේවය කළ අවධියේ කළ මහඟු සේවයෙන් බිඳක් මාගේ මතකයට නැගේ. නඩත්තු නඩු සඳහා නොමිලයේ පෙනී සිටීම ඉන් එකකි. දරුවන් දෙතුන් දෙනා කරේ එල්ලාගෙන එන අසරණ කාන්තාවන්ගෙන් මුදල් අය කිරීම වරදක් බව ඔහු කල්පනා කළේය. ඒ නිසා නඩත්තු නඩු සඳහා ඔහු නොමිලයේ පෙනී සිටියේය. ඔහුගේ ආදර්ශයට අනුව එදා කළුතර මුළු නීති මඩුල්ලම මේ ස්ථාවරය ගැනීමට ක්‍රියා කළේ නීති වෘත්තිය හුදු රැකියාවක්ම නොවන බන පෙන්නුම් කරමිනී. නැති බැරි මිනිසුන්ගේ නඩුවලට පෙනී සිටින්නේද කිසිදු මුදලක් අය කිරීමෙන් තොරවය. ඔහු ගිනි අය කර කළු සල්ලි වලින් සාක්කු පුරවා ගත්තේ නැත. ඒ වෙනුවට ඔහු මහජනතාවගේ හොඳ හිත දිනා ගත්තේය‍. තමන්ගේ කුටුම්භයේ විය පැහැදමට පමණක් මුදල් ලැබුනේ නම් ඔහු සෑහීමකට පත් විය. ධනයට, බලයට, ආමිස පූජාවකට ඔහු ආක්‍රමණය කළ නොහැකි විය. බේරුවල ධන කුවේරයින්ගෙන් පිරි ප්‍රදේශයකි. දේශපාලනය කරන විට ධනකුවේරයින්ට නතු වන්නට සිදු වුවත් දේශපාලඥයින් ධනකුවේරයින්ගේ අතකොලු බවට පත්වීමට ඕනෑ තරම් ඉඩකඩ තිබූ අවස්ථාවක ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් ඒ ධන කුවේරයින් මැද කුලී නිවාසයක බාකීර් මාකාර් මහතා ජීවත් විය. ධන බලයෙන් පත්වන පිරිස්වලින් දුගී ජනතාව සිටින ප්‍රදේශ වලට ලැබෙන කුඩම්මාගේ සැලකිල්ල නිසා ධන බලයට එරෙහිව බාකීර් මාකාර් මහතාව දේශපාලන පොර පිටියට දැමීමට තීන්දු කලේ බේරුවල මරදාන වෙරළබඩ ජනතාවය. දේශපාලනය කරන විට මුදල් බලය මෙන්ම දේශපාලන පවුල් පසුබිමක් තිබීම එයට පහසු වුවත් බාකීර් මාකාර් මහතාට මුදල් බලය හෝ දේශපාලන පවුල් පසුබිමක් නොතිබීම විශාල අභියෝගයක් විය. කෙසේ නමුදු මේ අභියෝග දෙකටම නොබියව මුහුණ දුන් බාකීර් මාකාර් මහතා 1950 වර්ෂයේදී බේරුවල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත් විය. එම වසරේදීම බේරුවල නගරාධිපති ධූරයට පත්වීමේ භාග්‍යයද ඔහුට උදා විය. බාකීර් මාකාර් මහතා දේශපාලනයේ රංකිරි කට ගාන්නට තම උපන් නිවසින් එළියට බැස්සේ යාන වාහන, ඉඩකඩම්, මිල මුදල් හම්බ කිරීමට නොව මහජන සේවයේ නියැලීම සඳහාය. මෙවැනි දේශපාලන ගමනක නිරත වූ මොහු අසාධාරණය ඉදිරියේ නිහඩ නොවීය. යහළු හිතවත්කම් පෙන්වා අසාධාරණ වැඩවලට මොහු නංවා ගැනීමට කිසිවකුට නොහැකි විය. ජනතා යහපත වෙනුවෙන් ගත යුතු නිවැරදි තීරණය උදෙසා ඔහු සටන් කළේය. ජනතා යහපත වෙනුවෙන් විරුද්ධවාදියකු වුවද යම් තීරණයක් ගත්තේ නම් ඔහු ඊට විරුද්ධ නොවීය. ඒ ඔහුගේ හැටිය. ඒ කාලයේ බේරුවල නගර සභාවට අයිති වෙනම ගොඩනැගිල්ලක් නොතිබිණි. කුලී ගොඩනැගිල්ලක බේරුවල නගර සභා කාර්යාලය පවත්වා ගෙන ගියේය. දැනට තිබෙන නගර සභාව පිහිටි ඉඩම එකල අයිතිව තිබුනේ විජේරත්න නොතාරිස් මහතාටය. මේ ඉඩම විකිණීමට යන බවට ආරංචි වූ විගස වහාම ක්‍රියාත්මක වූ බාකීර් මාකාර් මහතා දැඩි වෙහෙසක් දරා නගර සභාව සඳහා මේ ඉඩම මිලදී ගැනීමට තීරණය කළේය. බාකීර් මාකාර් මහතාගේ දැඩි කැපවීමත් උත්සහයත් නිසා බේරුවල නගර සභාවට ස්ථිර ඉඩමක් හිමි විය. පසුව බේරුවල නගර සභා ගොඩනැගිල්ල එහි ඉදි කිරීමට ඔහු මුල් වී කටයුතු කළේය. ඒ යුගයේ බේරුවල නගර සභා ප්‍රදේශාවසීන්ට කියවීමේ පහසුකම් නොතිබිණි. කියවීමේ පුරුද්ද දැනුම ලබා ගැනීම උදෙසා නගර සභාවේ වෙනම තැනක පුස්තකාලයක් ඔහු ඇරඹීය. බේරුවල මරදාන ධීවර ජනතාවගේ පහසුව සඳහා ඇති කළ ධීවර සමිතිය ඔහු කළ තවත් සේවාවකි. සිංහල අති බහුතරයේ හැඟීම් දැනීම් තේරුම් ගත් ජාතික සමඟිය වෙනුවෙන් විශාල හඩක් නැගූ ජන නායකයකු වූ බාකීර් මාකාර් මහතා අති බහුතරයක් වූ සිංහල ජනතාව පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් තෝරා ගත්තේය. ඒ භාග්‍ය ඔහුට උදා වූයේ 1960 මාර්තු මස පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදීය.‍ ඇමතිවරයෙකුගේ බලතල සහිතව මන්ත්‍රීවරයෙකු ඒ ඒ දිස්ත්‍රික්ක පාලනයට පත් කළ යුතු යැයි ඔහු මන්ත්‍රීවරයෙකු සිටි අවධියේදී යෝජනා කළේය. එදා පක්ෂයේ වැඩ පිළිවෙලට ඇතුලත් විය. එදා ගොවි හමුදාවක් මෙන්ම ධීවර හමුදාවක්ද පිහිටවිය යුතු යැයි පාර්ලිමේන්තුවේදී මුල්වරට අදහස් ඉදිරිපත් කළේ බාකීර් මාකාර් මහතාය. පළමු වරට පක්ෂයට එක් දිනක් තුල පහළොස් දාහක සාමාජිකත්වයක් එක් කළ දැවැන්ත පක්ෂ සංවිධානයක සංවිධායකවරයා ඔහුය. බේරුවල වගේ සංවිධානය කරන්න යැයි කියන තරමට ආදර්ශමත් සංවිධානයක් ගොඩැනැගීමට හැකි වුයේ ජනතා එකමුතුකමත්, ඔහුගේ අවංක භාවයත් නිසාය. 1977 වර්ෂයේ පැවති මහා මැතිවරණයෙන් වැඩි ඡන්ද 27000 ලබා ගනිමින් බාකීර් මාකාර් මහතා බේරුවල පළමු මන්ත්‍රීවරයා වශයෙන් තේරී පත්වූයේ ලංකාවේ වැඩිම ඡන්ද ලබා ගත් තෙවැනි පුද්ගලයා වීමේ භාග්‍යයද උදා කර ගනිමිනි. 1978 සැප්තැම්බර් මස 21 වෙනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව කථානායක වරයා වශයෙන් තේරී පත් විය. ශ්‍රී ලංකා පැරණි පාර්ලිමේන්තුවේ අවසාන කථානායක වශයෙන් ද, ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුවේ ප්‍රථම කථානායක වශයෙන්ද බාකීර් මාකාර් මහතා මෙරට ඉතිහාසයට එක් විය. කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් ද, දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන්ද බාකීර් මාකාර් මහතා මෙරට ජනතාවට විශාල සේවාවක් කළේය. දේශපාලන දිවියේ කළ උතුම් ජන මෙහෙවර අවසන් කරමින් 1993 වර්ෂයේදී දකුණු පළාතේ ආණ්ඩුකාර ධූරයෙන් හා දේශපාලන දිවියෙන් ඔහු සමුගත්තේය. මේ අසහාය ජන නායකයා මිය යන විට සිය දරුවන්ට දේපළක් වශයෙන් මොලොව ඉතිරි කර තබා ගියේ බේරුවල මරදානේ පිහිටි පැරණි නිවසත්, පැරණි කාරයත් පමණි. දරුවන්ට යම් දෙයක් ලැබුනේ නම් ඒ මව් පාර්ශවයෙන් ලද දෙයක් පමණි. මුස්ලිම් ජාතිකයකුව ඉපදී ජාතික සමගිය උදෙසා අනුපමේය සේවාවක නියැලෙමින් සිංහල රජ බස කරවීමේ ලා අභීතව හඬ නැගූ බාකීර් මාකාර් සහ ඔහුගේ ප්‍රතිපත්ති ගරුක මහත්මා දේශපාලන ගමන්මග, වත්මන් දේශපාලන පරපුරට පරමාදර්ශයක් වනු ඇත. අඩසියවසකටත් වැඩි කාලයක් මේ දේශය ඒකාලෝක කර, ජාතික සමගියත් ජනතා සේවයත් වෙනුවෙන් නැගූ හඩ නිහඩ විය. දෙවියන් වහන්සේ විසින් මෙලොවට දායාද කල දෑත් පිරිසිදු මේ ජන නායකයා 1997 සැප්තැම්බර් 10 දින රාත්‍රියේ දැයෙන් සදහටම සමුගනිමින් නැවත දෙව් තුරුලට ගියේය. සාම විනිසුරු ජිනසේන වේලාරත්න කාලවිල - බේරුවල #ImthiazBakeerMarkar #mabkeermarkar

29 වසරකට පෙර නික්ම ගිය මානවවාදී දේශපාලනඥයා - බාකීර් මාකාර්... (හිටපු කථානායක වරයෙකු මෙන්ම කෘත හස්ත දේශපාලඥයකු වූ එම්. ඒ. බාකීර් මාකාර් මහතාගේ 29 වැනි ගුණ සැමරුම සැප්තැම්බර් 10 වෙනි දිනට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.) දේශපාලනඥයකු ගැන සුබවාදී සටහනක් ලියන්නට, කඩදාසි මත පෑන හැසිරවීම මෙකල පුදුම් පරෙස්සමෙන් කළ යුත්තකි. ඒ තරමට දේශපාලනයත් ඇතැම් දේශපාලනඥයනුත් දූෂණයෙන් කිලිටි වී අවසන්ය. එහෙත් දශක කිහිපයකට ඉහත අපේ රටේ සිටි දේශපාලනඥයන් හෝ ඔවුන් කළ දේශපාලනය ගැන ලිවීමට එවැනි බියත් ඇති නොවේ. ඒ තරමටම මහත්මා දේශපාලනයක් මෙරට එකල පැවැතුණි. නාගරික මන්ත්‍රීවරයකු, නගරාධිපතිවරයකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය කථානායකවරයකු, ඇමැතිවරයකු, පාර්ලිමේන්තුවේ කථානායකවරයකු, ආණ්ඩුකාරවරයකු ආදී වශයෙන් විවිධ ක්‍ෂේත්‍ර වල අඩසියවසක කාල පරාසයක් තුළ දේශපාලනයේ නියළුණත්, සිය දේශපාලන ජීවිතයේ කැත නමක් ඇති කර නොගත්, දෑතේ ලේ තවරා නොගත් දේශපාලනඥයකු ගැනත්, අදත් සුවඳ හමන ඔහුගේ දේශපාලනය ගැනත්, ලිවීමට ලැබීමත් භාග්‍යයක් කොට සලකම්. ඒ දේශපාලනඥයා අල්හාජ් ඇම්.ඒ. බාකීර් මාකර් මහතාය. වර්ෂ 1917 මැයි මස 12 වැනිදා බේරුවල මරදානේදී, ඔහු ජන්ම ලාභය ලැබීය. පියා වූයේ ප්‍ර‍සිද්ධ වෛද්‍ය පරපුරකින් පැවත එන ආයුර්වේද වෛද්‍ය හලීම් අලිය මරික්කාර් මොහොමඩ් මරික්කාර්ය. මව ස්මයිල් මරික්කාර් රහිලා උම්මාය. කොළඹ සෙබස්තියන් විද්‍යාලයෙන් අධ්‍යාපනය අවසන් කළ ඔහු අනතුරුව, මරදාන සාහිරා විද්‍යාලයට ඇතුළත්ව වැඩිදුරටත් ඉගෙනීම් කරගෙන ගියේය. එවකට සාහිරා විදුහල්පති වූයේ ආචාර්ය ටී.බී. ජයා මහතාය. නවක ගෝලයාගේ දක්ෂකම් අවබෝධ කරගත් ජයා මහතා, ඔහුට ශිෂ්‍යත්වයක් ප්‍රදානය කළේය. මැනවින් උසස් අධ්‍යාපනය හැදෑරූ අතර සිංහල, දෙමළ සාහිත්‍ය සංගම්වල සභාපති තනතුරු ඉසිලිය. විද්‍යාලයීය 'මජිලීස්' නම් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කථානායක ධුරය ද හෙබවීය. එමෙන්ම විද්‍යාලයීය ' ක්‍රෙසන්ට්' සඟරාවේ ප්‍රධාන සංස්කාරක පදවියද හිමිකර ගත්තේ, කථිකත්වයට මෙන්ම ලේඛන කලාවට ඇති දක්ෂතා ප්‍රදර්ශනය කරමිනි. මේ අතර ලන්ඩන් මැට්‍රික්යුලේෂන් විභාගයෙන්ද උසස් ලෙසින් සමත් විය. සහිරා විද්‍යාලයේ උප ශිෂ්‍ය නිවාස පාලක ලෙස පත් වූ ඔහු ගුරුවරයකු ලෙසත්, දෙවැනි ලෝක සංග්‍රමයේදී ගුවන් ආරක්‍ෂක හමුදාවේ උපදේශකවරයකු ලෙසත් සේවය කළේය. අනතුරුව නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය ප්‍රගුණ කොට, කළුතර උසාව්යේ නීතිඥවරයෙකු වශයෙන් 1950 දී කටයුතු ආරම්භ කළේය. විශේෂයෙන්ම බේරුවල මැතිවරණ කොට්ඨාසය සිංහල, මුස්ලිම්, දෙමළ ජාතිකයන් මෙන්ම බෞද්ධ, කතෝලික, ඉස්ලාම්, හින්දු ආදී බහු ආගමික ජනතාව ජීවත්වන ප්‍රදේශයකි. මේ ජාතීන් හා ආගමිකයන් අතර කිසිම භේදයක් ඇති නොවන අන්දමින් සුහදශීලී සහජීවනයෙන් කල් යවන ජනතාවක් වෙසෙන සාමකාමී ප්‍රදේශයක් බවට අඛන්ඩව පවත්වාගෙන යාම මෙතුමන්ගේ දූරදර්ශී මඟපෙන්වීමෙන් සිදුවිණ. නිරන්තරයෙන්ම මෙතුමන් භේද ඇති නොවන, සමඟිය තහවුරු වන ක්‍රියාදාමයක් මුළු කොට්ඨාසය පුරාම ක්‍රියාත්මක කර වුයේය. ජනතාව ප්‍රකෝප කරවන භේද කරවන කිසිවකට ඉඩ නොතැබූ අතර සමගිය තහවුරු කළේය. සාමකාමීව කල් යවන ජනතාව අදත් එය අගය කරති. වෘත්තියෙන් නීතිඥවරයකු වුවත් අහිංසකයන්ගේ මුදල් වළින් සාක්කු පුරවන 'කළු කබාකාරයකු නොවුයේය. දුප්පතුන් වෙනුවෙන් නොමිලේ උසාවියේ පෙනී සිටියේය. මැතිවරණ වලට පොහොසතුන් දෙන පඬුරු පාක්කුඩම් ප්‍රතික්ෂේප කළේ, ඒ අයගේ අතකොලු බවට තමන් පත්වන නිසාය. ඔහු පසුපස සිටියේ ඔහුගෙන්ම කිසියම් මෙහෙයක් ලබාගත් අය හා ඔහුගේ දර්ශනය අගය කළ අයයි. සෑම මැතිවරණයකදීම ජය ලබාගන්නට ඒ සහාය ඔහුට හොඳටම ප්‍රමාණවත් විය. වර්තමාන දේශපාලනඥයන්ට ඔහුගේ මේ දර්ශනයෙන් ගත හැකි පාඩම් එමටය. ජනතා සේවය කරම් සතුටක් ඔහුට තවත් නැත. තමන් නිසා කෙනෙකු රැකියාවක් ලබතොත්, ගමට පාලමක්, ගෙයක්, පාරක්, විදුලිය, පාසලක් ලැබුණොත්, එයයි ඔහුගේ සන්තුෂ්ටිය. සේවය ලැබුවෙක් කිසියම් සන්තෝසමක් ත්‍යාගයක් පිරිනැමීමට සුදානම් වුවහොත් ඇනුම් බැනුම් පමණක් නොව මිත්‍රත්වයන් එතැනින් අවසන් කරයි. මහජන සේවය පැතුවා මිස මහජනයා ගසා කන, ව්‍යාපාර වලට කිසිදා හවුල් නොවුයේය. මෙයට හොදම නිදසුනක් දක්වතොත් මේ තරම් කාලයක දේශපාලනය කර විවිධ තනතුරු දැරුවත් අවසන් කාලයේ ගමන් බිමන් වලට ඔහුටම කියා වාහනයන්වත් නොතිබුණේය. එය මා සටහන් කරන්ගේ අගෞරවයකට නොව එතුමන්ට ගෞරවයක් වශයෙනි. කුමන දර්ශනයක් අනුව කල් යැව්වාදැයි යන්නට ඔහුගේ ප්‍රකාශ කිහිපයක්ම තේරුම්ගත හැකි වෙතැයි සිතමි. “අසීමිත මුදලක් උපයන ව්‍යාපාර වලට මම ඇලුම් නොකරමි. උත්තරීතර මනුෂ්‍යත්වය තුළින් මතුවන මානව දයාවත්, ආගමික භක්තියත් ඉන් ඈත් වෙතැයි මා තුළ බියක් ඇති නිසායි ඒ. මනුෂ්‍යත්වය පලාගිය ජීවිතයක කිසිදු හරයක් නොමැත.” මේ එතුමාගේ දර්ශනයයි. සමාජවාදි බෝඩ් ලෑල්ල කරේ එල්ලාගෙන ගිරිය පැළෙන්න මොරදෙන ඇතැම් අපේ රටේ සමාජවාදීන් තුළවත් ප්‍රායෝගිකව මෙවැනි දර්ශනයක් දක්නට ලැබේදැයි සැකයකි. “ජාති බෙරය, ආගම් බෙරය, කුල බෙරය වැයීමෙන් රටක ජනතාව සමෘද්ධිමත් කළ නොහැකිය. සියලු ජාතික, සියලු ආගමික එක්වීමකින් රට සමෘද්ධිමත් කළ හැකිය.” “මා සුළු ජාතිකයකු වුවත් මට රටේ තුන්වැනි පුරවැසියා ලෙස සලකන කථානායක තනතුරට යෑමට හැකි වූයේ මහ ජාතිය සමඟ මා ඉදිරියට ගිය නිසාය. මේ පණිවුඩය, අන් හැම සුළු ජාතිකයකුටම මා දෙනවා. සිංහලයන් සමඟ ඉදිරියට ගොස් මේ රට නන්වමු. ප්‍රශ්න විසදා ගනිමු.” උත්තරීතර පාර්ලිමේන්තුව 'වන සිවුපාවන්' ගැවසෙන තැනක් ලෙසට පරිවර්තනය කරගෙන ඇති මෙකල, බාකීර් මාකර් වැනි දේශපාලනඥයන් පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් හැසිරුණු අයුරු සිහියට ගනු වටනේය. දේශපාලනඥයන් තුළ නිරන්තරයෙන් තිබිය යුතු මනුෂ්‍යත්වයත්, අවංකත්වයත් ඔහු අගය කළේය. දිවි හිමියෙන් එය ආරක්‍ෂා කර ගත්තේය. ජනතා නියෝජිතයකු හැටියට ජනතාවට ගෞරවයක් වන ලෙසට හැසිරුණේය. ක්‍රියා කළේය. මන්ත්‍රිකම තමන් හා තම පවුලේ අයගේ සුඛ විහරණ උදෙසා මෙහෙයක් කරගන්නට යොදා නොගත්තේය. ජනතාවගෙන් ඈත්වී සිටීම නොව අගය කළේ දවසේ පැය 24 පුරාම ජනතාව සමඟම විසීමටය. නිවෙසත්, නිල නිවෙසත් පාර්ලිමේන්තුවත් ජනතාව වෙනුවෙන් විවෘතව තිබුණේය. අදත් ඔහුගේ සේවය අගය කරන්නේ, සිහිපත් කරන්නේ ඒ නිසාය. වත්මන් දේශපාලනඥයන්ට බාකීර් මාකර් මහතාගෙන් උගත හැකි පාඩම් එමටය. 1997 සැප්තැම්බර් මස 10 වැනිදා එතුමා දෙනෙත් පියා ගත්තේය. ඒ සොදුරු මිනිසා ආගමානුකූලව පැතු උතුම් සුවය සිතු ලෙසින්ම එතුමාට ලැබේවා. හේරස් ප්‍ර‍නාන්දු කොළඹ රාජකීය විද්‍යාලයේ විශ්‍රාමික උප විදුහල්පති. #ImthiazBakeerMarkar #mabkeermarkar

Designing the onboarding for our vibe coding system.

The goal: turn ideas into real things on your iPhone.

You can create:

• apps
• widgets
• PiP surfaces
• notifications
• custom keyboards
• shortcuts
And connect them with external services.

This video shows our

Today, we're taking Manus out of the cloud and putting it on your desktop.

Introducing My Computer, the core feature of the new Manus Desktop app. It’s your AI agent, now on your local machine.

We are running faster than ever in the age of technology.
But some questions about safety can no longer wait.
On March 18, O will speak.
12:00 UTC · Global livestream.